27.9 C
Galle

ගාල්ලේ පාවහන් අළෙවි සැළක් සුබ මොහොතින් විවෘත කිරීමට පෙර ගිනිගෙන විනාශ වෙයි

Published:

ගාල්ලේ හපුගල කඩකාමරයක අද (08) උදෑසන ගින්නක් ඇති වූ බව පෝද්දල පොලිසිය කියයි.

මෙලෙස ගිනිගෙන ඇත්තේ අද විවෘත කිරීමට නියමිතව තිබූ පාවහන් අළෙවි සැළකි. ගින්න ඇතිවූයේ විදුලි කාන්දුවකින් බවට විශ්වාසයක් පවතී.

ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇතත් එම පාවහන් ආළෙවි සැළට දැඩි අලාභහානි සිදුව ඇත. කඩකාමරයට ඉහළින් නිවසක් පිහිටා ඇති අතර එම නිවසට ද ගින්නෙන් අලාභ සිදුව ඇතැයි පැවසේ. ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථයක් ද මෙම ස්ථානයට පැමිණ තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!