29.4 C
Galle

පැරණි හමුදා කඳවුරක් අසළ පිපිරීමකින් පාසල් සිසුවෙක් මරුට

Published:

මුතූර්හි ඉක්බාල් නගර් කලපුව අසළ පැරණි හමුදා කඳවුරක් පිහිටි ස්ථානයක සිදුවූ පිපිරීමකින් පාසල් සිසුවකු මියගොස් ඇතැයි මුතූර් පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මුතූර්, තෝපූර්, ඉක්බාල් නගර්හි පදිංචි හාෆිස් නලීම් නමැති 15 හැවිරිදි පාසල් සිසුවෙකි.

ඔහු තෝපූර් අල් සිපා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබවයි.

එළුවන්ට කෑම සඳහා කොළ අතු රැගෙන යාමට එම ස්ථානයට පැමිණි සිසුවා පිහියක් යොදාගෙන කුඩා පැලෑටි ගලවමින් සිටිය දී මෙම පිපිරීම සිදුව ඇතැයි ද පොලිසිය පවසයි.

උතුරේ වර්ගවාදී යුද්ධය පැවති කාලයේ දී මෙම ස්ථානයේ යුද හමුදා කඳවුරක් තිබී පසුව එය ඉවත්කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මුතූර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!