29.4 C
Galle

පුපුරණ ද්‍රව්‍ය සමඟ, යාපනයේ සිව්දෙනෙක් අත්අඩංගුවට

Published:

නීති විරෝධී ලෙස මසුන් මැරීම සඳහා භාවිතා කරන පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුරුනගර් ජැටිය ආසන්න වෙරළේ දී ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24-40 අතර පසුවන බවත් ඔවුන් පොලිසියට යාපනය පොලිසියට භාරදෙන බවත් නාවික හමුදාව පවසයි.

ධීවර යාත්‍රාවක් තුළ සඟවා තිබූ විදලි නොවවන ‍ඩෙටනේටර් 08ක්, GPS උපකරණ දෙකක් සහ කිමිඳුම් උපකරණ තොගයක් ද සොයාගෙන ඇත.

ඔවුන් මුහුද යට කිමිදී පුපුරණ ද්‍රව්‍ය අටවා මසුන්  මැරීම සිදුකරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි නාවික හමුදාව පවසයි.

Related articles

spot_img
error: Content is protected !!