28.3 C
Galle

වසර 80,000කට පසු ආ අමුත්තා ශ්‍රී ලංකාවට දිස්වන අයුරු

Published:

වසර 80,000කට වරක් දැකගත හැකි “ලෙනාඩ් වල්ගාතරුව” දෙසැම්බර් 15 වැනි දා සිට ශ්‍රී ලාංකිකයන්ට දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

පැහැදිළි අහසක් දක්නට ඇත්නම් දුරේකේෂයකින් එය නැරඹිය හැකි බවත් ලබන 18 වැනි දා සිට පියවි ඇසින් පවා නැරඹිය හැකි බවත් හෙතෙම කීවේය.

මෙය ශ්‍රී ලාංකිකයන්ට නැරඹීමට හැකිවන්නේ හිරු බැසගොස් විනාඩි 30කට පමණ පසු බටහිර අහසේ නිරිතදිග ප්‍රදේශයට වන්නට බ්‍රහස්පති, සෙනසුරු හා සිකුරු ග්‍රහලෝක ආසන්නයෙනි.

සූර්යයාත් පෘතිවියත් අතර ඇති දුර මෙන් 35,000 ගුණයක දුරක සිට ඉතා වේගයෙන් පැමිණෙන මේ වල්ගාතරුව මේ දිනවලට පෘථිවියට වඩාත් ආසන්නයෙන් ගමන් කරන අතර ජනවාරි 03 වැනි දා වනවිට සූර්යයාට වඩාත් ආසන්න වනු ඇත. මහාචාර්ය ජයරත්න පවසන්නේ ජනවාරි මාසයේ මුල් දින කිහිපය දක්වාම මෙය නිරීක්ෂණය කළ හැකි බවයි.

Related articles

Recent articles

error: Content is protected !!