24.4 C
Galle

බෙහෙත් කොටන තුවක්කුවකින් තරුණියක් ඝාතනය කරලා

Published:

වව්නියාව, නෙදුන්‍කේනි, ඊට්ටමුරිංජාන් ප්‍රදේශයේ අද (15) සිදුවූ වෙඩි තැබීමකින් 33 හැවිරිදි අවිවාහක කාන්තාවක් මියගොස් ඇතැයි ‍නෙදුන්කේනි පොලිසිය පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි බාලසුබ්‍රමනියම් සත්‍යකලා නමැති තරුණියකි.

මියගිය තරුණිය සිය මව සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී කැලෑබද මාර්ගයක දී වෙඩි තබා ඇත. වෙඩි තැබීම සිදුකර ඇත්තේ බෙහෙත් කොටන තුවක්කුවකින් බව ද පොලිසිය පවසයි.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ මියගිය තරුණිය සමඟ සමීප සම්බන්ධතාවක් පැවැත්වූ පුද්ගලයකු බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. ඔහු මීට පෙර මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රිමාන්ඩ් බන්ධනාගාරගත වී සිට ඇප ලබා සිටි පුද්ගලයකු බව ද අනාවරණය වී තිබේ.

කාලයක සිට ඉතා සමීපව ඇසුරු කළ මේ දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් වෙඩි තැබීම සිදුකර ඇතැයි ද ඔහු ඝාතනයට යොදාගත් තුවක්කුව ද සමඟ පළා ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

නෙදුන්කේනි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  

Related articles

Recent articles

error: Content is protected !!