25.9 C
Galle

තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

Published:

ඔමික්‍රෝන් විකෘති ප්‍රභේදය ආසාදනය වූ තවත් තුන් දෙනකු හඳුනාගත හැකි වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

පසුගිය දිනවල කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගත් අය අතරින් කිහිප දෙනෙකුගේ ජෛව සාම්පල අහඹු ලෙස තෝරාගෙන ජාන අනුක්‍රමිකතා පරීක්ෂණයට ලක්කිරීමෙන් ඔවුන් හඳුනාගෙන ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේ වනවිට හඳුනාගෙන ඇති ඔමික්‍රෝම් ආසාදිතයන් සංඛ්‍යාව 04 දෙනෙකි.

අලුතෙන් හඳුනාගත් ආසාදිතයන් තිදෙනාගෙන් එක් අයෙක් විදේශිකයකු වන අතර ඔහු මේ වනවිට ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇත. අනෙක් ආසාදිතයන් දෙදෙනාගෙන් එක් අයෙක් විදේශගතව සිට මෙරටට පැමිණි අයකු වන අතර අනෙක් තැනැත්තා ඔහුගේ ආශ්‍රිතයෙකි.

Related articles

Recent articles

error: Content is protected !!