29.8 C
Galle

ජනාධිපති ලේකම් පීබී ඉල්ලා අස්වෙයි ?

Published:

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඔහු මේ සම්බන්ධයෙන් දීර්ඝ ලිපියක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇති බවත් ජනාධිතිවරයා ‍ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෑතකදී වාර්තාවූයේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් පී බී ජයසුන්දරට දැඩිව චෝදනා කර ඇති බවයි.

එමෙන්ම තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම ප්‍රසිද්ධියේ ජනාධිපති ලේකම්වරයාට චෝදනා කළේ වත්මන් අර්බුදය සඳහා ඔහු වගකිවයුත්තෙකු බව කියමිනි.

Related articles

Recent articles

error: Content is protected !!