24.7 C
Galle

මරදානේ නිවාස දෙකක් ගිනි ගනී

Published:

මරදාන දේවානම්පියතිස්ස මාවතේ නිවාස දෙකක් අද (18) හදිසියේම ගිනිගෙන ඇතැයි පොලිසිය පවසයි.

එක් නිවසක උඩුමහළේ ගින්න හටගෙන ඇති අතර ඒ වනවිට නිවැසියන් පිටතට ගොස් තිබිණි. ගින්න අනෙක් නිවස දක්වාම පැතිර ගොස් ඇති අතර පොලිසිය පවසන්නේ නිවසින් පිටව යන පුද්ගලයන් විසින් නිවසේ පහනක් දල්වා ගොස් ඇති බැවින් ගින්නට හේතුව එම පහන විය හැකි බවයි.

ගිනි නිවන දෙපාර්තමේන්තුවේ රථ දෙකක් පැමිණ ගින්න පාලනය කිරීමට පියවර ගෙන තිබුණ ද නිවාස දෙකේම ගෘහ භාණ්ඩ විනාශ වී තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!