24.7 C
Galle

තොටිල්ලකට ගෙල සිරවී සිව් හැවිරිදි දැරිය මරුට

Published:

තොටිල්ලකට ගෙල සිරවීමෙන් වවුනියාව, අන්නානගර්හි වයස අවුරුද 04ක දැරියක මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ අන්නානගර්, පූන්තෝට්ටම් පදිංචි පරමේශ්වරන් අරුල්සිකා නමැති දැරියකි.

මියගිය දැරියගේ සොයුරිය නිදිකරවීම සඳහාා සෑදූ තොටිල්ලකට ඇය තම බෝනික්කන් දමා සෙල්ලම් කිරීමට පුරුදුව සිටි බව මව පවසා තිබේ. පොලිසිය විශ්වාස කරන්නේ ඇය පුටුවකට නැග තොටිල්ලේ එල්ලීමට යාමේ දී පය ලිස්සාගොස් ගෙල තොටිල්ලේ සිරවී මරණය සිදුවන්නට ඇති බවයි.

වවුනියාව මහ රෝහල වෙත ඇතුලුකරන විට අසාධ්‍ය තත්වයෙන්වූ දැරිය රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

Related articles

Recent articles

error: Content is protected !!