25.1 C
Galle

පියාගේ සහ බාප්පාගේ පහර දීමෙන් 14 හැවිරිදි සිසුවියක් මරුට

Published:

ප්‍රේම සම්බන්ධයකට උරණ වූ පියාගෙන් සහ බාප්පාගෙන් පහර කෑ 14 හැවිරිදි පාසල් දැරියක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ මවුන්ටෙම්පල් ප්‍රදේශයේ පදිංචි නිපුනි නුවන්තිකා බණ්ඩාර නමැති දැරියකි. ඇය ගම්පොළ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටියාය.

ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් ඇගේ බාප්පා විසින් පරහ දී ඇති ඉන්පසු  අතර ඊයේ (21) අළුයම රෝගාතුර වී කෙඳිරිගාමින් සිටිය දී ඇගේ පියා ද ඇයට නැවත පහර දී තිබේ. පියාගේ සහ බාප්පාගේ පහරදීම් හේතුවෙන් මව දියණිය වෙනත් නිවසකට ගෙන ගොස් සිටිය දී සිහිසුන් වූ දැරිය ගම්පොළ රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

පහරදීම සිදුකළ බව කියන පියා සහ බාප්පා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගම්පොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related articles

Recent articles

error: Content is protected !!