27.3 C
Galle

තරුණියන් රැවටූ හොරා පොලිස් අල්ලයි

Published:

පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් තරුණියන් විවාහ කරගන්නා බවට පොරොන්දු වී විශ්වාසය කඩකිරී‍මේ සිද්ධියක සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත පොළොන්නරුවේ සිප්පිකුලම පදිංචිකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

34 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා පො‍ළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයක දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සනත්තකයේ තිබී ප්‍රදාන පොලිස් පරීක්ෂකවරයකුගේ  නිල ඇඳුමක්, නිල ඇඳුමින් ගන්නා ලද ඡායාරූප සහ රුපියල් 5,000.00 වටිනාකම සටහන් කළ ව්‍යාජ මුදල් නෝට්ටු 02ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අද (26) පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

Recent articles

error: Content is protected !!