27.3 C
Galle

රිච්ටර් මාපකයේ 7.3ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවෙයි

Published:

ඕස්ට්‍රේලියාවට උතුරින් සහ ඉන්දුනීසියාවට දකුණින් පිහිටි ටිමෝර් ලෙස්ටේ හි ලොස්පැලෝස් නගරයේ සිට කිලෝ මීටර 121ක් ඈත මුහුදේ රිච්ටර් මාපක 7.3ක භූමිකම්පාවක් ඉන්දුනීසියාවේ වේලාවෙන් දෙසැම්බර් 30 අළුයම 3.00ට පමණ සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි.

මෙම භූමිකම්පාව සිදුව ඇත්තේ මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 166.9ක් ගැඹුරින් අපි කේන්ද්‍රය පිහිටන ආකාරයෙනි.

මෙම කම්පනය ඉන්දුනීසියාවට සහ ඕස්ට්‍රේලියාවට දැනී ඇත. එම භූමි කම්පාව හේතුවෙන් සුනාමි තත්වයක් ඇතිවන බවට අනතුරු ඇඟවීමක් සිදුකර නැත.

Related articles

Recent articles

error: Content is protected !!