30.5 C
Galle

දෙහිවල මුහුදේ කිඹුල් ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

Published:

දෙහිවල මුහුදේ කමිදෙමින් සිටි පුද්ගයකු කිඹුලකුගේ ප්‍රහාරයට ලක්ව මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රත්මලාන දුම්රිය නිවාසවල පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි. හදිසියේ ම මතු වූ කිඹුලකු මෙම පුද්ගලයාව ඇදගෙන යාමට උත්සාහ කර ඇත.

බරපතල තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත්කිරීමෙන් පසු මියගොස් ඇත.

‍පොලිසිය සඳහන් කරන්නේ ඔහු කිමිදෙමින් මසුන් අල්ලන අයකු බවයි.

මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!