29.4 C
Galle

අද කොටස් වෙළඳ පොළ ඉහලට

Published:

කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 39,849ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,271ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 222ක් ඉහල යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,640ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 1070
  • ජෝන් කීල්ස් මිලියන 599
  • කොමර්ෂල් බැංකුව මිලියන 331

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සිලෝන් ලෑන්ඩ් ආර් කොටස් මිලියන 62
  • ජෝන් කීල්ස් සමාගම  කොටස් මිලියන 32
  • සොෆ්ට් ලොජික් කැපිටල් කොටස් මිලියන 11

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස් එන් බී ලීසිං එක්ස් 50%
  • ඇල්ෆා ෆයර් 23%
  • කප්රුක සමාගම 16%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 330
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 320
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 315

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 104ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 296ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 192ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • පික්මී සමාගම රුපියල් මිලියන 67
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 08
  • හැටන් නැෂනල් බැංකුව එක්ස් රුපියල් මිලියන 06

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් රුපියල් මිලියන 254
  • ඩයලොග් ආසියාටා සමාගම  රුපියල් මිලියන 10
  • ටෝකියෝ සිමෙන්ති එක්ස් සමාගම රුපියල් මිලියන 08

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ  

Related articles

spot_img
error: Content is protected !!