27.2 C
Galle

ඔමික්‍රෝන් මෙරට ප්‍රමුඛ කොරෝනා ප්‍රභේදය වන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Published:

ඉදිරි සති දෙකක කාලයේ දී ඔමික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ප්‍රධාන කොරෝනා ප්‍රභේදය බවට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරෝනා වසංගත කටයුතු සම්බන්ධ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.

මේ වනවිට මෙරටින් හමුවන කොරෝනා ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ද හෙතෙම පෙන්වා දෙයි.

ඔමික්‍රෝන් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා තුන් ගුණයක් පමණ වේගයකින් ව්‍යාප්ත වන බව ද පරීක්ෂණවලින් හෙළිවී තිබෙන බව ඔහු කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!