27.8 C
Galle

විදුලි කප්පාදුව අදත් ?

Published:

විදුලි කප්පාදුවක් අද (07) දිනයේ දී ද සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මෙලෙස විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇත්තේ දෛනික විදුලි බල අවශ්‍යතා සපුරා ගැනීමේ අහසුතා හෝ විදුලි බලගාර බිඳවැටීම් හේතුවෙන් බව අනාවරණය වෙයි.

ඊයේ (06) සවස සිට අවස්ථා කිහිපයක දී කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක වරින් වර විදුලි විසන්ධිවීම් සිදුවිය.

එහි දී විදුලිබල මණ්ඩලය නිල වශයෙන් කියා සිටියේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එසේ සිදුවූ බවයි. එ‍සේ වුව විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වරින් වර විදුලි කප්පාදුවක් සිදුකරන බවකි.

Related articles

Recent articles

error: Content is protected !!