26.8 C
Galle

මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් හදිසියේ ම අභාවප්‍රාප්ත වෙයි

Published:

මාතර දිස්ත්‍රික් සහකාර ලේකම් නදී ජයවික්‍රම මහත්මිය අද (23) මාතර මහ රෝහලේ දී හදිසියේම අභාවප්‍රාප්ත වූවාය. මාතර පදිංචිකාරියක වන ඇය ඊයේ (22) දිනයේ දී ද කාර්යාලයේ සේවය කර තිබේ.

ගර්භණී තත්ත්වයෙන් පසු වූ ජයවික්‍රම මහත්මිය අද (23) උදෑසන මාතර පුද්ගලික ආරෝග්‍ය ශාලවකට රුධිර පරීක්ෂණයක් සඳහා ගොස් ඇති අතර එහි දී ක්ලාන්ත ගතියක් ඇති වීම හේතුවෙන් මාතර මහ රෝහලට ගෙන ගොස් තිබේ. මාතර රෝහලට ගෙන යනවිට සිහිමුර්ජා තත්ත්වයෙන් පසුවූ ඇය එහි දී අභාවප්‍රාප්ත වූවාය.

Related articles

spot_img
error: Content is protected !!