27.9 C
Galle

ආයුර්වේද වෛද්‍යවරු වසර 03කින් බඳවාගෙන නෑ. උපාධිධාරීන් නිවෙස්වල

Published:

ආයුර්වේද, සිද්ධ සහ යුනානි උපාධිධාරී වෛද්‍යවරුන් 1,005 දෙනකුට මෙතෙක් රැකියා ලැබී නැතැයි රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

2018 වර්ෂයේ සිට උපාධිය ලබාගත් වෛද්‍යවරුන් වසර 03ක පමණ කාලයක් මෙලෙස රැකියා විරහතිව සිටින්නේ ඔවුන් බඳවාගැනීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් සකස්කර නොමැති නිසා බවත් ඉදිරියේ දී උපාධිය ලබාගන්නා වෛද්‍යවරුන්ටත් දීර්ඝ කාලයක් රැකියා නොමැතිව සිටීමට සිදුවනු ඇති බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය සුජිත් දිසානායක පවසයි.

රජය දේශීය දේ අගය කරමින් කටයුතු කිරීම දක්නට ලැබුණ ද ආයුර්වේද වෛද්‍යවරුන් බඳවාගැනීමට නිශ්චිත වැඩපිළිවෙලක් කඩිනමින් සකස්කරන ලෙසත් ඉල්ලා සිටින බව ද හෙතෙම කියයි.

Related articles

Recent articles

error: Content is protected !!