25.9 C
Galle

ශිෂ්‍යත්ව හා උසස් පෙළ පන්ති තහනම් කරයි

Published:

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීම ජනවාරි 18 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇත.

ඒ සම්බන්ධ නිවේදනය විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එමෙන්ම පෙබරවාරි මාසයේ උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් පෙබරවාරි 01 දා මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළ විභාගය අවසන් වනතුරු උසස් පෙළ උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීම ද තහනම්ය.

Related articles

Recent articles

error: Content is protected !!