28.1 C
Galle

ඉන්ධන සළාක ක්‍රමයට ?

Published:

මෙරට ඉන්ධන භාවිතය අ‍ඩුකිරිමේ පියවරක් ලෙස සළාක ක්‍රමයට ඉන්ධන නිකුත්කිරීම ඇරඹීම සම්බන්ධයෙන් රජයේ ඉහළම මට්ටමෙන් සාකච්ඡා සිදුවෙමින් පවතී.

ඩොලර් හිඟය හේතුවෙන් ඉන්ධන භාවිතය අඩුකිරීම සඳහා යැයි පවසමින් රජය ඉන්ධන මිල ඉහළ දැමුව ද එය සාර්ථක වී නැත.

මේ වනවිට ඉන්ධන රැගත් නෞකා කිහිපයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ නැංගුරම් දමා ඇතත් ඉන්ධන ගොඩබෑම සඳහා ඩොලර් නොමැතිවීම බරපතල ගැටලුවක් වී තිබේ. අධික ඉන්ධන පරිභෝජනයක් ඇති රටක් වීම හේතුවෙන් ශ්‍රී ලංකාව මාසිකව අතිවිශාල මුදලක් ඉන්ධන සඳහා ගෙවනු ලබයි. එය අඩුකරගැනීමට නම් සළාක ක්‍රමයකට ඉන්ධන නිකුත් කිරීම වඩාත් සුදුසු බවට යෝජනා රජයට ඉදිරිපත්ව ඇත.

Related articles

Recent articles

error: Content is protected !!