25.8 C
Galle

වනිඳු හසරංග ලෝක ක්‍රිකට් කණ්ඩායමට

Published:

2021 ලෝක විස්සයි-20 ක්‍රිකට් පිලට ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඇතුළත්ව සිටියි.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල විස්සයි-20 පන්දුයවන්නන් අතරින් පළමු ස්ථානය හිමිකරගෙන සිටින වනිඳු පා දඟ පන්දුයවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

පසුගිය වසරේ දී ඔහු විස්සයි-20 ජාත්‍යන්තර තරඟ 20ක දී කඩුලු 36ක් දවාගෙන තිබිණි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නම්කර ඇති මෙම කණ්ඩායමේ නායකත්වය පකිස්තානයේ බාබර් අසාම්ට ලබා දී ඇත.

ලෝකක්‍රිකට් කන්ඩායමට පහත සඳහන් ක්‍රීඩාකයන් ඇතුළත් වෙති. ඔවුන් නම්කර ඇත්තේ පන්දුවට පහරදීමේ පිළිවෙල අනුව බව ද සඳහන් කර ඇත.

  1. ජෝස් බට්ලර්
  2. මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින්නා)
  3. බාබර් අසාම් (නායක)
  4. ඒඩ්න් මාක්‍රම්
  5. මිචෙල් මාෂ්
  6. ඩේවිඩ් මිලර්
  7. ටබ්රේස් ශම්සි
  8. ජොෂ් හේස්ල්වුඩ්
  9. වනිඳු හසරංග
  10. මුස්ටෆිෂූර් රහමන
  11. ෂහීන් අෆ්රිඩි

Related articles

Recent articles

error: Content is protected !!