27.9 C
Galle

කොටස් වෙළඳ පොළ සමස්ත සමාගම් වටිනාකම, බිලියන 6,040 ඉක්මවයි

Published:

කොළඹ කොටස් වෙළඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 46,544ක් සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් මිලියන 5,566ක් බවට පත්විය.

සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 05කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ එය 13,462ක් ලෙස සටහන් විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර වැලිබල් වන් සමාගම ‍රුපියල් මිලියන 397ක්, ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 388ක් සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 268ක් ලෙසත්, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 37ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 15ක්, සොෆ්ට් ලොජික් සමාගම කොටස් මිලියන 13ක් ලෙසත් ප්‍රධාන විය.

කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 761ක වත්කම් හිමිකරගෙන ඇති එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයේත්, රුපියල් බිලියන 641ක වත්කම් හිමිකරගෙන ඇති එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම දෙවැනි ස්ථානයේත්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් සමාගම රුපියල් බිලියන 241ක වත්කම් හිමිකරගෙන තුන්වැනි ස්ථානයේත් රැඳී තිබිණි.

මර්චන්ට් ෂිපිං සමාගමේ කොටස් මිල 49%කින් ද, ඉක්වජි ටූ සමාගමේ කොටස් මිල 25%කින් ද, අමානා ලයිෆ් සමාගමේ කොටස් මිල 24%කින් ද ඉහළයාම අද දිනයේ කැපී පෙණිනි.

සංවෘත කවය තුළ, කාගීල්ස් සමාගමේ කොටස් ලක්ෂ 02ක් රුපියල් 215.00 බැගින් ද, කොමර්ෂල් බැංකුවේ කොටස් ලක්ෂ 04ක් රුපියල් 83.00 බැගින් ද, පෑන් ඒෂියා බැංකුවේ කොටස් ලක්ෂ 25ක් රුපියල් 17.00 බැගින් ද, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගමේ 4,920,000ක් රුපියල් 28.00 බැගින් ද හුවමාරු විය.

විදේශීය ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජන සඳහා යොදවා තිබූ රුපියල් මිලියන 117ක් අද දිනයේ ඉවත්කර ගැණිනි.

විදේශ ආයෝජකයන් ‍රුපියල් මිලියන 213ක කොටස් විකුණා තිබූ අතර රුපියල් මිලියන 96ක කොටස් මිල දී ගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 22යි, හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 09යි, සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 08යි, වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 3.6යි සහ ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 3.3යි වශයෙන් ද, විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 63යි, සොෆ්ට්ලොජික් සමාගම රුපියල් මිලියන 32යි, නෙස්ලේ සමාගම රුපියල් මිලියන 24යි, සිලෝන් ගාර්ඩියන් සමාගම රුපියල් මිලියන 13යි, වැලිබිල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 11යි ලෙස කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ පථම වතාවට සියලු සමාගම්වල වටිනාකම ඊයේ (18) දිනයේ දී රුපියල් ට්‍රිලියන 06ක් ඉක්මවා යාම විශේෂත්වයකි. එහි වටිනාකම රුපියල් ට්‍රිලියන 6.04ක් හෙවත් රුපියල් බිලියන 6,040ක් ලෙස සටහන් විය.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

error: Content is protected !!