31.6 C
Galle

සුනාමියක් වැනි කොරෝනා රැල්ලක් ශ්‍රී ලංකාවේ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි

Published:

ශ්‍රී ලංකාවේ නව කොරෝනා රැල්ල සුනාමියක් වැනි යැයි කොළඹ ‍ජාතික රෝහලේ විශේෂඥ කායික රෝග වෛද්‍ය උපුල් දිසානායක පවසයි.

ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (28) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

මේ වනවිට වෙනත් රෝග සඳහා රෝහල්ගත වූ රෝගීන් විශාල පිරිසකට ද කොරෝනා ඇති බවත්, කොරෝනා නිසාම රෝහල්ගත වන සංඛ්‍යාවත් වේගයෙන් ඉහළ යමින් තිබෙන බවත් හෙතෙම පවසයි.

“මේ වැඩි දෙනෙක් එන්නත් ලබා නෙනාගත් අය. එන්නත් ගත් අයගේ තිබෙන රෝග ලක්ෂණ ඉතාමත් අඩුයි. එවැනි අය ඇත්තටම රෝහල්ගත වීම අවශ්‍ය නොවන බව පෙනෙනවා. දැන් අපි ඉන්නේ කොරෝනා රැල්ලේ සුනාමියක් ලෙස ඉහළ නගින කොටසේ. දැන් සමාජය පුරාම කොරෝනා තියෙනවා. එය ජනගත වෙලා. දෙවැනි වතාවටත් කොරෝනා හැදෙනවා. නමුත් තුන්වැනි සහ හතරවැනි වතාවට කොරෝනා ආසාදනය වන බවක් අපි දැක නැහැ. මේ වනවිට කොරෝනා ආසාදිත අය අති විශාල සංඛ්‍යාවක් සමාජයේ ඉන්නවා.”  යනුවෙන් වෛද්‍ය උපුල් දිසානායක කීවේය.

ඔහු වැඩිදුරටත් පවසන්නේ රෝගය පාලනය කිරීම සඳහා සෞඛය මාර්ගෝපදේශ දැඩිව පිළිපැදිය යුතු බවයි.  

Related articles

spot_img
error: Content is protected !!