31.6 C
Galle

සෞඛ්‍ය සේවකයන්ට විශේෂ නිවාඩු ලැබෙයි. කැපූ දීමනා ලබන මාසයේ වැටුපට

Published:

ඉන්ධන අර්බුදය හේතුවෙන් සෞඛ්‍ය සේවකයන් රාජකාරී සඳහා පැමිණීමේ දී විශේෂ නිවාඩු දින ලැබෙන ආකාරයේ වැඩපිළිවෙළක් සැකසීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය සේවයන්ට සතියට දින දෙකක් හෝ තුනක් විශේෂ නිවාඩුවක් ලැබීමට නියමිතය.

මෙම පියවර ගෙන ඇත්තේ ඉන්ධන අර්බුදය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන් සඳහා ඉන්ධන ලබාගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ගත් උත්සාහය ආසර්ථක වීම හේතුවෙනි. කොරෝනා වයිරසය දරුණුව පැවැති කාලයේ නිවාඩු ලබාදුන් ආකාරයට මෙවර ද රාජකාරී සඳහා යෙදවීමට අවධානය යොමුව ඇත.

මේ අතර සෞඛ්‍ය සේවකයන්ගේ පසුගිය මස කපාහරින ලද අතිකාල සහ දීමනා ඉදිරි මාසයේ වැටපුට එකතුකිරීමට පියවර ගන්නා ලෙස ද අගමැති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!