25.2 C
Galle

මූල්‍ය වාර්තා නිකුත්වෙද්දී කොටස් වෙළෙඳ පොළ ඉහළ නගී

Published:

දින කිහිපයක් ම යම් ප්‍රමාණයක පසුබෑමකට ලක්ව තිබූ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය අද (31) නැවත ඒකක 146කින් ඉහළ ගොස් දිනය අවසානයේ ඒකක 13,009ක් ලෙස සටහන්විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගම් 2022 තුන්වැනි කාර්තුවට අදාල මූල්‍ය වාර්තා නිකුත් කිරීම මෙලෙස කොටස් වෙළෙඳ පොළ නැවත ඉහළයාමට හේතුවකි.

ඇලුනැබ්, කැලණි ටයර්, AMF, AAF, Colombo unity Pharmacy එලෙස මූල්‍ය වාර්තා ඉදිරිපත් කර තිබිණි.

අද දිනයේ ගනුදෙනු 58,511ක් සිදුවූ අතර සමස්ත පිරිවැටුම වාර්තා වූයේ රුපියල් මිලියන 6,934ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට් ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 1,092
  • සොෆ්ට්ලොජික් ලයිෆ් රුපියල් මිලියන 1,032
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 792

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම කොටස් මිලියන 63
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 45
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 40

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඇග්ස්ටා පොහොර සමාගම ® 462,900%
  • සොෆ්ට් ලොජික් කැපිටල් සමාගම 37%
  • ටෙක්ස් ඇග්‍රෝ සමාගම (X) 30%

දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 693
  • එල්ඕඑල්සී සමාගම බිලියන 577
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් බිලියන 222

විදේශීය ආයෝජකයන් විසින් අද (31) දිනයේ රුපියල් මිලියන 87ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 290ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කර තිබූ මුදල් රුපියල් මිලියන 203ක් විදේශ ආයෝජකයන් විසින් ඉවත්කරගෙන තිබිණි.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 22
  • ඇක්සස් සමාගම රුපියල් මිලියන 3.4
  • පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 2.7
  • වින්ෆෝර්ස් සමාගම රුපියල් මිලියන 01
  • බයිරහා ෆාර්ම් සමාගම රුපියල් 816,000

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම  රුපියල් මිලියන 95
  • සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 26
  • සන්ෂයින් හෝල්ඩින් සමාගම ‍රුපියල් මිලියන 23
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 22
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 08

Related articles

Recent articles

error: Content is protected !!