24.1 C
Galle

බූස්සේ දී ත්‍රී රෝද රියක් දුම්රියක ගැටීමෙන් තිදෙනකු මරුට

Published:

ගාල්ලේ, බූස්ස වැල්ලබඩ දී අද (01) දහවල් ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් කළ තිදෙනකු මියගොස් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

අනුරාධපුරය දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය පෙරවරු 10.29ට ගාල්ලෙන් ගමන් ආරම්භකර ඇති අතර බූස්ස දුම්රියපොළ පසුකිරීමෙන් පසු වැල්ලබඩ දුම්රිය හරස්මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!