24.1 C
Galle

පාසල් සිසුවකු මුහුදේ ගසාගෙන යයි

Published:

අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුවකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ අලුත්ගම පදිංචි 16 හැවිරිදි දරුවෙකි. ඔහු තවත් මිතුරන් පිරිසක් සමඟ දිය නෑමට ගොස් සිටිය දී ගසාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. ඔහු ඇතුළු හතර දෙනකු දියේ ගසාගෙන යද්දී අසළ හෝටලයක ජීවිතාරක්ෂක කණ්ඩායමක් ඉන් තිදෙනකු බේරාගැනීමට සමත්ව ඇත.

අතුරුදන් වූ සිසුවාගේ සිරුර සොයා නාවික හමුදාව සහ පොලිසිය මෙහෙයුමක් සිදුකරයි.

Related articles

Recent articles

error: Content is protected !!