24.1 C
Galle

රිච්මන්ඩ් හිටපු විදුහල්පති, පානදුර සුමංගල විදුහල්පති ලෙස පත්වෙයි

Published:

පානදුර සුමංගල විද්‍යාලයේ විදුහල්පතිධූරයට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ හිටපු වැඩබලන විදුහල්පති නිලූක දිල්රුක් වීරසිංහ පත්කර තිබේ.

රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබාගත් අයෙකි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු නිලධාරියකු ලෙස කාලයක් සේවය කළ ඔහු අධ්‍යාපන පරිපාලන සේවා විභාගය සමත්ව මේ වනවිට එහි දෙවැනි ශ්‍රේණියේ විදුහල්පතිවරයකු ලෙස කටයුතු කරයි.

බෙන්තර ගාමිණී මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී රිච්මන්ඩ් විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයා ලෙස පත්ව මාස කිහිපයක් එම ධූරයේ කටයුතු කළ හෙතෙම ඊයේ (03) පානදුර සුමංගල විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස වැඩ භාර ගත්තේය.

Related articles

Recent articles

error: Content is protected !!