25.2 C
Galle

ඩීසල් 25කින්, පෙට්‍රල් 18කින්, භූමිතලේ 40කින් මිල වැඩි කරන්නට සිදුවෙයි ?

Published:

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුල්බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතනවලට ණයට තෙල් ලබාදීම හේතුවෙන් බංකොලොත් වී ඇති බවත් එයින් ගොඩඒමට නම් ඩීසල් ලීටරයක් රුපියල් 25.00කින්, පෙට්‍රල් ලීටරයක් රුපියල් 18.00කින් සහ භූමිතෙල්  ලීටරයක් රුපියල් 40.00කින් වැඩිකළ යුතු බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු බන්දුල සමන් කුමාර පවසයි.

ඔහු පවසන්නේ ඩොලර් මිලියන 500ක මුදලකට ඉන්දියානු සමාගම් තුනකින් රජය ඛනිජ තෙල් මිල දී ගැනීම හේතුවෙන් තවදුරටත් මේ අර්බුදය උග්‍රවන බවයි.

රජය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පුද්ගලික අංශයට විකුණා දැමීමට උත්සාහ ගන්නේ නම් ඊට එරෙව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කියා සිටියේය.  දැනටමත් කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගෙන විදුලිබල මණ්ඩලයට ඛනිජ තෙල් ආනයන කිරීමට අවසර ලබාදීම බරපතල ගැටලුවක් බව ද හෙතෙම පෙන්වාදෙයි.

Related articles

Recent articles

error: Content is protected !!