25.2 C
Galle

ඥානසාර හිමියන් පල්ලියකට ගොස් නිදහස සැමරීමෙන් පසු ගැටුමක්

Published:

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ ඇතුළු ඉස්ලාම් ආගමික පිරිසක් ඉස්ලාම් දේවස්ථානයකට ඇතුළු වී ජාතික නිදහස් දිනය සැමරීමට ගත් උත්සාහයක් හේතුවෙන් ගැටුමක් සිදුව දෙදෙනකු රෝහල්ගත කිරීමේ සිද්ධියක් වාර්තාවෙයි.

මෙම ගැටුම ඇතිවී තිබෙන්නේ නිකවැරටිය දුම්මලසූරිය ප්‍රදේශයේ ඉස්ලාම් ආගමික දේවස්ථානයක දී ය. පසුගිය 04 වැනි දා මෙම ගැටුම සිදුව ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හතරදෙනකු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.

ඥාණසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ දේවස්ථානයේ දී නිදහස සැමරීමේ උත්සවයක් සංවිධානය කර තිබිණනි. එම උත්සවයෙන් පසු සම්ප්‍රදායික මුස්ලිම්වරු සහ වහාබ් මුස්ලිම්වරු අතර ගැටුමක් ඇතිවී තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

Related articles

Recent articles

error: Content is protected !!