26.9 C
Galle

දෙවැනි කාර්තුවේ වාර්තා සමඟ කොටස් වෙළෙඳ පොළ ඉහළ නගී

Published:

අද (11) දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු 33,398ක් සිදුවූ අතර සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,986ක් විය. අද සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 252කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ එය දැක්වුණෙන් 12,459ක් ලෙසිනි.

වැලිබල් පවර් සමාගම ශත 35ක් ද බීපීපීඑල් සමාගම ශත 24ක් ද වශයෙන් අද (11) සිය කොටස් හිමියන් සඳහා අතරමැදි ලාභාංශ නික්තු කර තිබිණි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 392
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 219
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 201

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් කොටස් මිලියන 14
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් කොටස් මිලියන 10
  • එස්එන්බී ලීසිං කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං (X) 20%
  • කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට් 18%
  • ඒසියා ඇසෙට් සමාගම 17%

දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 652
  • එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 561
  • කොමර්ෂල් ලීසිං රුපියල් බිලියන 248

විදේශීය ආයෝජකයන් විසින් අද (09) දිනයේ රුපියල් මිලියන 48ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 87ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කර තිබූ මුදලින් රුපියල් මිලියන 39ක් විදේශ ආයෝජකයන් ඉවත් කරගෙන තිබිණි.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හේලීස් සමාගම රුපියල් මිලියන 12
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 4.7
  • ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 4.2
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් රුපියල් මිලියන 3.9
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 2

විදේශීය ආයෝජකයන් විසින් කෙටස් විකුණූ සමාගම්

  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 27
  • සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 19
  • වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 06
  • වටවල වැවිලි සමාගම රුපියල් මිලියන 4.6
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 4.3

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

error: Content is protected !!