25.4 C
Galle

වනිඳු හසරංග රුපියල් කෝටි 28.78කට විකිණෙයි

Published:

ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 10.75කට අළෙවි විය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 28.78කි.

ඉන්දීය රුපියල් කෝටි 01ක මුදලක මූලික ලංසුවක් ලැබී තිබූ වනිඳු මිල දී ගැනීම සඳහා සන්රයිසස් හයිද්‍රාබාද්, පන්ජාබ් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් යන කණ්ඩායම් අතර පැවැති තියුණු තරඟයෙන් පසු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඔහු මිල දී ගත්තේය.

මේ අතර වනිඳුගේ ලංසුව ඉදිරිපත් වෙමින් තිබිය දී ක්‍රීඩක වෙන්දේසිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා හදිසියේ රෝගාතුරව බිම ඇදවැටීම ද විශේෂත්වයකි. ඒ සමඟ ක්‍රීඩක වෙන්දේසිය තාවකාලිකව නතර වූ අතර ඔහු රෝහල් ගත කෙරිණි.

Related articles

Recent articles

error: Content is protected !!