24.9 C
Galle

විදුහල්පතිනිය දණ ගැස්සූ චෝදනාවෙන් මන්ත්‍රී චාමර සම්පත් නිදොස් කර නිදහස්

Published:

විදුහල්පතිනියක දණ ගැස්සූ බවට චෝදනා එල්ල වී සිටි ඌව පළාතේ හිටපු ප්‍රධාන අමතා්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක නිදොස් කර නිදහස් කරන්න යැයි බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස අද (15) නියෝග කළේය.

බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි භවානි රඝුනාදන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නඩුව ගොනුකර තිබිණි. පසුව එය සමථ මණ්ඩයලට යොමු කෙරුණු අතර සමථ මණ්ඩලයේ දී ගුරුවරිය සහ මන්ත්‍රීවරයා අතර ඇතිවූ සමථය හේතුවෙන් මෙලෙස ඔහු චෝදනාවලින් නිදොස් කර නිදහස් කරන බව මහේස්ත්‍රාවරයා අදාල නියෝගය දෙමින් කියා සිටියේය.

භවානි රඝුනාදන් විදුහල්පතිනිය අද අධිකරයට පැමිණ සිටියේ නැත.

Related articles

Recent articles

error: Content is protected !!