24.9 C
Galle

පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලී මරුට

Published:

පාසල් දැරියන් දෙදෙනකු ඊයේ (15) සවස කුරුණෑගල විල්බාව වැවේ දිය නෑමට ගොස් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරදු 13ක් හා 14ක් වූ කුරුණෑගල පදිංචි දැරියන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා තවත් මිතුරියන් දෙදෙනකු සමඟ දිය නෑමට ගොස් සිටිය දී දියේ ගිලී ඇත. ප්‍රදේශවාසීන් විසින් ඔවුන් සිව්දෙනා බේරාගෙන කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇතත් අසාධ්‍ය තත්වයෙන් සිටි දෙදෙනකු රෝහලේ දී මියගොස් ඇත.

කුරුණෑගල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!