24.9 C
Galle

ටියුෂන් පන්තියක කාන්තා වැසිකිළියේ කැමරා සවිකරලා

Published:

ගම්පහ නගරයේ උපකාරක පන්ති පවත්වන ආයතනයක ගැහැනු ළමයින්ගේ වැසිකිළියක රහස් කැමරා සිවිකරීමේ සිද්ධියක් සම්බන්ධයේන පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් උපකාරක පන්ති ආයතනයේ හිමිකරු සහ ගුරුවරු 10කට වැඩි පිරිසකගෙන් දැනටමත් ප්‍රශ්න කර ඇත.

පන්තියකට සහභාගී වූ ශිෂ්‍යාවන් පිරිසක් හදිසියේ ම මෙම රහස් කැමරාව දැක ඒ ගැන දෙමාපියන්ට පැවසීමෙන් පසු පොලිසියට පැමිණිල්ල යොමුව තිබේ. පොලිසිය පවසන්නේ කැමරාව සවිකර තිබුණේ එහි දර්ශන ජංගම දුරකථනයකින් හෝ පරිගණකයකින් සජීවී ව නැරඹිය හැකි ආකාරයෙන් බවයි.

කැමරාව සවිකර පුද්ගලයා ඉතා ඉක්මණින් අත්අඩංගුවට ගැනීමට හැකි බවට පොලිසිය විශ්වාසය පළකරයි.  

Related articles

Recent articles

error: Content is protected !!