25.7 C
Galle

මහ රැජිනට කොරෝනා

Published:

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජින කොරෝනා ආසාදිත බව බකිංහැම් මාළිගාවේ ආරංචිමාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තරමක රෝග ලක්ෂණ ඇති නමුත් රැජින සැහැල්ලු රාජකාරීවල දිගටම නිරතවන බව ද වාර්තා වේ.

“ඇය දිගටම වෛද්‍ය ප්‍රතිකාර ලබන අතර සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරයි.” මාළිගාවෙන් නිකුත් කළ නිවේදනයක දක්වා ඇත.

දෙවැනි එලිසබෙත් මහ රැජින මේ වනවිට 95 වැනි වියේ පසුවන්නීය. ඇගේ වැඩිමහල් පුත්‍රයා සහ ඔටුන්න හිමි කුමාරයා වේල්සයේ චාර්ල් කුමරු සමඟ ද ඇය පසුගිය දින කිහිපයේ සම්බන්ධ වූ බව බකිංහැම් මාළිගයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය පෙබරවාරි 06 වැනි දා රාජ්‍යත්වයෙන් 70 වැනි සංවත්සරය සැමරූ එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් ඔටුන්න දැරූ රාජ්‍ය නායකයා බවට පත්ව සිටියි.

https://www.bbc.com/news/uk-60453566

https://www.theguardian.com/uk-news/2022/feb/20/queen-tests-positive-for-covid

Related articles

Recent articles

error: Content is protected !!