25.8 C
Galle

උසස් පෙළ අවසන්නම්, වහාම කොරෝනා දෙවැනි මාත්‍රාව ගන්න. සෞඛ්‍ය අංශ කියයි

Published:

උසස් පෙළ විභාගයේ තමන්ට නියමිත විෂයයන් අවසන්ව ඇත්නම් ප්‍රමාද නොවී හැකි ඉක්මණින් කොරෝනා මර්ධන එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ උසස් පෙළ සිසුන් සියලු දෙනාට දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසන්නේ මේ වනවිට පාසල් පද්ධතියේ අවුරුදු 12-16ත් අතර දරුවන් 745,000ක පමණ පිරිසක් එන්නත් කර ඇති බවයි. ඊට අමතරව 16-19ත් අතර පසුවන දරුවන් ලක්ෂ 11ක් පමණ එන්නත් කර ඇති බව ද හෙතෙම පෙන්වාදෙයි.

උසස් පෙළ විභාගයේ ඇතැම් විෂය ධාරාවන්හි විභාගය අවසන් බැවින් ඔවුන්ට ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකින් එන්නත් ලබාගත හැකි බැවින් දෙවැනි එන්නත ලබාගන්නා ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දෙයි.

Related articles

Recent articles

error: Content is protected !!