27.1 C
Galle

චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන ප්‍රකාශයක් ගැනීමට පුෂ්පිකා පොලිසියට කැඳවයි

Published:

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අසූචි සහ ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා අද (23) පිළියන්දල පොලිසියට කැඳවා ඇත.

මෙම ප්‍රහාරය එල්ලවීමට පෙර චමුදිත සමරවික්‍රමගේ YouTube නාලිකාවේ වැඩසටහනකට පුෂ්පිකා එක්ව සිටි අතර එහි දී ඇය කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් ‍කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කළාය.

පොලිසිය පවසන්නේ චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පුෂ්පිකාට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන් බවයි. එය මෙම ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවල දිගුවක් බව ද පොලිසිය සදහන් කරයි.

පසුගිය පෙබරවාරි 14 වැනි දා අලුයම එම ප්‍රහාරය එල්ල වූ අතර මේ දක්වා කිසිවෙකු සැකපිට අත්අඩංගුවට ගෙන නැත.

Related articles

Recent articles

error: Content is protected !!