27.1 C
Galle

“අවියක් නැති සෙනවියා” සුනිල් මාධව, සිය මෙහෙවර නිමා කරයි

Published:

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක අභාවප්‍රාප්ත වූයේය. 1948 මැයි මස 12 වැනි දින උපත ලැබූ ඔහු මියයනවිට 78 වැනි වියේ පසුවිය. සුනිල් මාධව මීමන ප්‍රේමතිලකගේ පුත්‍රයෙකි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සුනිල් ලේක්හවුස් ආයතනයෙන් සිය පුවත්පත් කලා දිවිය ආරම්භ කළේය.

ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ සුනිල් සිළුමිණ පුවත්පතේ “හදවත ඇඳි ගී” නිසඳැස් කවි පිටුව සංස්කරණය කළේය.

දිවයින පුවත්පතට සම්බන්ධ වූ සුනිල් මාධව ප්‍රේමතිලක “08 වැනි පිටුව” නමින් තරුණ පරපුර ඉලක්ක කරගත් නව ආරේ පිටුවක් සංස්කරණය කළේය.

පසුව දිවයින පුවත්පතින් ඉවත්ව, ලක්මිණ, ලක්දිව, සහ හිරු පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා ව‍ශයෙන් කටයුතු ක‍ළ ඔහු මෙරට සම්ප්‍රදායික මාධ්‍යයට වෙනස් වූ මඟක් ගැනීමට උත්සාහගත් අයෙකි.

මාධ්‍යවේදියකු ලෙස ඔහු ලැබූ අත්දැකීම් සටහන් කරමින් ලියන ලද “සත්‍යවාදියකුගේ දිනපොත” බෙහෙවින් ජනනප්‍රිය වූ අතර “හඬනු මැන නිදහස”, “ඇමෙරිකා ඇමෙරිකා”, “කැරොලිනාගේ දිනපොත” සහ ‍”මොහොමඩ් අලී” ඇතුළු පොත් කිහිපයක් පරිවර්ථනය කර තිබිණි.

සුනිල් මාධව ප්‍රේමතිලකගේ චරිතය පදනම් කරගනිමින් දයාසේන ගුණසිංහ විසින් “අවියක් නැති සෙනෙවියා” යනුවෙන් කෙටි කතාවක් ද නිර්මාණය කර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!