27.1 C
Galle

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර දිවිසැරිය නිමා කරයි

Published:

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.

ලක්බිම පුවත්පතේ කර්තෘවරයා ලෙස මෙරට මාධ්‍යකලාවට නව ආරක වෙනසක් ඇතිකළ බන්දුල පද්මකුමාර මහතා ස්වර්ණවාහිනිය ඔස්සේ ගෙන ආ මුල්පිටුව නමැති උදෑසන පත්තර කියවීමේ වැඩසටහන ජනතා ප්‍රසාදය දිනාගත්තේය. තම අදහස් එම වැඩසටහනට එකතුනොකර, පුවත්පත්වල අන්තර්ගතය පමණක් ඉදිරිපත් කරමින් පුවත්පත්කලාවේදීන්ගේ නමට පවා නිසි ගෞරවයක් ලබාදුන් ඔහු පසුව ලේක්හවුස් ආයතනයේ සභාපතවරයා ලෙස ද කටයුතු කළේය.

මියයන විට  71 වැනි වියේ පසු වූ බන්දුල පද්මකුමාර මාස තුනක පමණ කාලයක් රෝගීව සිටි බව පවුලේ ඥාතීන් පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!