30 C
Galle

නිවසක ගින්නකින් වාහන දෙකකට හානි

Published:

ගාල්ල නගරය ආසන්නයේ නිවසක ඊයේ (05) රාත්‍රී ඇති වූ ගින්නකින් වාහන දෙකක් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදාගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

කාරයක්, ලොරි රථයක් සහ ජෙනරේටරයක් ගින්නෙන් විනාශ වී ඇති අතර කිසිවෙකුටත් හනියක් සිදුව නැතැයි පොලිසිය පවසයි.

ගාල්ල මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!