29.6 C
Galle

ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමක්. ‍දෙදෙනෙක් රෝහලේ, තිදෙනෙක් අත්අඩංගුවේ

Published:

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ මහාමාරු නවඋත්තු සුනාමි ගම්මානයේ දී ඊයේ (07) රාත්‍රී වෙඩි තැබීමක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයේන සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

යතුරුපැදියකින් ගමන්කරමින් සිටි දෙදෙනකුට වෙනත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් වෙඩි තබා තිබේ. ඉන් තුවාල ලැබූ දෙදෙනා කින්නියා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට යවා ඇත.

මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 30ක් සහ 33ක් වූ කින්නියා 05 ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

තුවාල කරුවන්ගෙන් ලැබුණු තොරතුරු අනුව මෙම වෙඩිතැබීමට සැකපිට එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 54ක්, 43ක් හා 30ක් වූ තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. වෙඩි තැබීමට යොදාගත් බවට සැකකරන ටී 56 වර්ගයේ ගිනි අවියක් ජීව උණ්ඩ 09ක් ද සඟවා තිබිය දී සොයාගෙන තිබේ.

කන්නියා පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!