29.6 C
Galle

ශ්‍රී ලංකාවේ ධීවරයන් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

Published:

හලාවත සිට ධීවර කටයුතු සඳහා ගොස් ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝනය කළ ශ්‍රී ලාංකීය ධීවරයන් පිරිිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්‍යා කුමාරි වෙරළට නුදුරු මුහුදේ මසුන් ඇල්ලීමේ නිරත වූ පස් දෙනෙකි.

අත්අඩංගුවට ගත් එම ධීවර යාත්‍රාව තමිල්නාඩුවේ තූත්තුකුඩි ධීවර වරාය වෙත රැගෙන ඒමට නියමිතය. මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන සඳහා යාත්‍රාව ඉන්දීය පොලිසිය භාරයට පත්කරන බව ද වෙරළාරක්ෂක නිලධාරීන් දැනුම් දී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!