27.2 C
Galle

ගාල්ල බස්නැවතුමේ දී බසයක ගැටී පුද්ගලයකු මරුට

Published:

ගාල්ල ප්‍රධාන බස්නැවතුම්පොළ භූමියේ වේගයෙන් ධාවනය වූ බසයක ගැටීමෙන් අද (10) පෙරවරුවේ පුද්ගලයකු මියගිය බව ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක පමණ වූ පිරිමි පුද්ගලයෙකි.

අලුත්වල හරහා ඇල්පිටිය දක්වා ධානය වන බසයක් අධික වේගයෙන් බස් නැවතුමට ඇතුළු කරද්දී එම පුද්ගලයා එහි වැදී විසිවී ගොස් වැටී ඇති අතර එතැනම මියගොස් ඇත. එම පුද්ගලයාගේ මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර බස් රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related articles

error: Content is protected !!