29.6 C
Galle

අධිවේගී මාර්ගයේ දී ලොරි දෙකක් ගැටී පුද්ගලයකු මරුට

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ දී අද (11) අලුයම ලොරි රථ දෙකක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි අධිවේගී මාර්ග පොලිිසය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ නෝර්වුඩ් පදිංචි පෙරුමාල් සුබාකරන් නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.

හම්බන්තොට දෙසට ධාවනය වෙමින් තිබූ බිත්තර පැටවූ ලොරියක් ඊට ඉදිරියෙන් ගිය සිමෙන්ති පැටවූ ලොරියක් පසුකර යාමට උත්සාහ ගැනීමේ දී එහි ගැටී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනකු නාගොඩ රෝහලට ඇතුළත් කළ බව ද පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ බිත්තර පැටවූ ලොරියේ වම් පස දොර අසළ රැඳී සිටි පුද්ගලයා මෙලෙස මියගොස් ඇති බවයි. ඔහුගේ දේහය නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!