25.8 C
Galle

කඩදාසි නැතිව විදුලි බිලත් නැති වෙයි

Published:

බිල්පත් මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි නොමැතිවීම හේතුවෙන් විදුලි බිල්පත් ලබාදීමට නොහැකි වී ඇතැයි විදුලිබල මණ්ඩල සේවකයෝ කියති.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ගණනාවක මුද්‍රිත බිල්පත් නොමැතිව මනු කියවන්නන් නිවෙස්වලට ගොස් මීටරයේ ඡායාරූප ගෙන පාරිභෝගිකයන්ට ගෙවිය යුතු මුදල වාචිකව දැනුම් දීමේ ක්‍රමයක් මේ දිනවල අනුගමනය කරමින් සිටියි.

ඇතැම් නිවැසියන්ට උපදෙස් දී ඇත්තේ පෙර මාසයේ බිල්පතට සමාන බිලක් ගෙවන ලෙසයි. නමුත් දිනකට පැය 7.30ක් විදුලිය විසන්ධි කර තිබිය දී පෙර මාසයේ බිල්පත් ගෙවන ලෙස උපදෙස් දීම රජය කරන වරදක් බව ජනතාව චෝදනා කරති.

විදුලිබිල්පත් නොමැතිවීමෙන් තමන් ගැටලුවලට මුහුණ දෙන බව ද ඔවුහු නගන චෝදනාවකි.

Related articles

Recent articles

error: Content is protected !!