24.2 C
Galle

බද්දේගම ගෑස් පෝළිමේ Live වීඩියෝවට බාධා කළ පොලිසියට ජනතාව හූ කියයි

Published:

බද්දේගම නගරයේ ගෑස් පෝළිමක සිය ගණන් ජනතාව සිටිය දී ගෑස් ලොරි ආපසු හැරී යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් facebook ඔස්සේ Live විස්තරයක් ඉදිරිපත් කිරීමට සූදානම් වූ කණිෂ්ක ලැ‍නරෝල් නමැති සමාජ ක්‍රියාකාරිකයකුට බද්දේගම පොලිසියේ නිලධාරීන් අද (18) බාධා කළහ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යමක් ප්‍රකාශ කිරීම හෝ තොරතුරු දැනගැනිමේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මානව අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබිය දී බද්දේගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් මෙලෙස බාධා කිරීම ගැටලු සහගතය.

එම අවස්ථාවේ දී පොලිසිය පවසන්නේ පාරෙන් ඉවත්වන ලෙසයි. එමෙන්ම ගෑස් අරගන්න ආවානම් එය කරන ලෙස ද ගෑස් සිලින්ඩරය කොහේ දැයි ද පොලිසිය ලැනරෝල්ගෙන් ප්‍රශ්න කරයි.

පොලිසියට මෙලෙස පුරවැසියන්ගෙන් ප්‍රශ්න කිරීමට අයිතියක් ඇත්ද යන්න ගැටලුවකි. ලැනරෝල් සිය වීඩියෝවෙන් පෙන්වා දෙන්නේ ඒ මොහොතේ තමන් පාර අයිනේ සිටින බවයි. පොලිසිය සිටින්නේ පාරේ බව ද ඔහු පවසයි.

කුරුණෑගල පොලිසියේ ස්ථානාධිපතිවරයා කේක් කපා උපන්දින සැමරූ සිද්ධියක් ද පොලිසිය දේශපාලකයන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි ද පවසමින් කණිෂ්ක ලැනරෝල් තම Live ප්‍රකාශය දිගටම කරගෙන යද්දී බාධා එල්ල කළ පොලිසියට ගෑස් පෝළිමේ සිටි ජනතාව හූ තබන ආකාරය ද එම වීඩියෝවේ පෙනෙන්නට තිබේ.

එම වීඩියෝව පහත සබැඳියෙන් නරඹන්න.

https://www.facebook.com/kanishka.de.lanerolle/videos/995056511109402

Related articles

Recent articles

error: Content is protected !!