24.2 C
Galle

කඩවත වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට

Published:

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ 9 කණුව ආසන්නයේ දී පුද්ලයන් දෙදෙනකු ඊයේ (24) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පෑළියගොඩ පදිංචි වයස අවුරුදු 30 සහ 31 හි පසුවූ දෙදෙනෙකි.

ඔවුන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තැබීම සිදුකර ඇත.

තුවාල ලැබූ ඔවුන්‍ දෙදෙනා කිරිබත්ගොඩ රෝහලට සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය‍ගොස් ඇත.

කඩවත පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් විය හැකියැයි ද සැක පළකරයි.  

Related articles

Recent articles

error: Content is protected !!