24.8 C
Galle

ජල විදුලිය අවසන්, රට තවත් අර්බුදයක් අබියස

Published:

ජල විදුලිය නිෂ්පාදනය කරනු ලබන බලාගාරවලට අවශ්‍ය ජලය ඇත්තේ තවත් දින 20කට පමණක් යැයි විදුලිබල මණ්ඩලයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

දැඩි වියළි කාලගුණික තත්වය‍ හේතුවෙන් මේ වනවිට ජලාශවල ජල මට්ටම පහත වැටී ඇති අතර තවදුරටත් වැසි ඇති නොවුණහොත් ඉදිරි දින 20කට පසු ජල විදුලිය උත්පාදනය කළ නොහැකි තත්වයට පත්වනු ඇත.

කාසල් රී ජලාශයේ 12%, සමනල ජලාශයේ 14%, කොත්මලේ ජලාශයේ 21%, මාවුස්සාකැලේ ජලාශයේ 29%, රන්දෙණිගල ජලලාශයේ 56%ක් ලෙස ජල මට්ටම පහත වැටී තිබේ. මෙරට ජල විදුලි ජනනය මේ වනවිට 20%ක් දක්වා අඩුවී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!