24.8 C
Galle

පැය 15ක විදුලි කප්පාදුවක් ? ඉන්ධන බලාගාර සියල්ල අක්‍රියයි

Published:

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියළුම ඩීසල් සහ දැවිතෙල් විදුලි බලාගාර ඇණහිට ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

ඊයේ සවස සිට කැලණිතිස්ස විදුලි බලාගාරය ද විදුලි උත්පාදනය නතර කෙරිණි.

ඒ අනුව මේ වනවිට මෙරට දෛනික විදුලි අවශ්‍යතාවය වන මෙගාවොට් 2,600න් විදුලි සැපයුම ඇත්තේ මෙගාවොට් 1,645ක් පමණි. මේ වනවිට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් මෙගාවොට් 900ක් සහ සියලුම ජල විදුලි බලාගාරවලින් මෙගාවොට් 300ක පමණ විදුලි උත්පාදනයක් සිදුවෙයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරන්නේ හෙට (02) දිනයේ යුගදනවි බලාගාරය සඳහා ඉන්ධන ලබා දීමේ සැළැස්මක් ඇති බවයි. එලෙස යුගදනවි බලාගාරයට හෙට දිනයේ ඉන්ධන නොලැබුණහොත් පැය 15ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව එම සංගමයේ සම ලේකම් එරංග කුඩාහේවා පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!